ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ආයෝජක සම්බන්ධතා ඒකකය (IRU) මඟින් සපයනු ලබන ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම තුළින් සංචාරක ආයෝජන ක්‍රියාවලිය පහසු කරවා තිබේ. මෙම ඒකකය මෙරට සංචාරක ආයෝජන සඳහා වූ මධ්‍යගත ආයතනය ලෙස SLTDA තුළ ස්ථාපිත කරන ලද්දකි.
මෙම ප්‍රයත්නයේ ප්‍රධාන පරමාර්ථය නම් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජකයින් සඳහා එකම ස්ථානයකින් සම්බන්ධතා සේවා ලබා දීම සහ සංචාරක ආයෝජන සඳහා කාර්‍යක්‍ෂම, ඵලදායි හා කරදරයකින් තොර ආයෝජන ක්‍රියාවලියක් ලබා දීමයි.
සාමාන්‍යයෙන්, සංචාරක ව්‍යාපෘතියක අනුමැතිය සඳහා සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජකයෙකුට අනුබද්ධිත ආයතන කිහිපයකින් අනුමැතිය ලබා ගැනීමට සිදු වේ. ව්‍යාපෘතිය සංවේදී සංචාරක ආකර්ෂණයකට ආසන්නව පිහිටා තිබේ නම් සංචාරක ව්‍යාපෘතියක් සඳහා සම්බන්ධ කර ගත යුතු වන නියෝජිත ආයතන සංඛ්‍යාව සාපේක්ෂව ඉහළ ය. එම නිසා එම ක්‍රියාවලිය වෙහෙසකාරී, සංකීර්ණ හා කාලය ගත වන්නක් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ආයෝජකයාට සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදු වේ. මෙම තත්වය ඇතැම් අවස්ථාවල දූෂණයට තුඩු දෙන තුන්වන පාර්ශවයන්ගේ මැදිහත් වීම දිරිමත් කරයි.
මෙයට විසඳුමක් ලෙස 2010 අවසාන භාගයේදී SLTDA විසින් නව පහසුකම සකසන ලදී. පසුගිය වසර 10 තුළ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3789.04 ක් වූ ව්‍යාපෘති 503 ක් IRU විසින් අනුමත කර ඇත. සංචාරක ආයෝජන සඳහා පොදු අයදුම් පත්‍රයක් සකස් කිරීම සඳහා ව්‍යාපෘති අනුමත කරනු ලබන රාජ්‍ය ආයතන එක් කර ගැනීම සඳහා කරන ලද අඛණ්ඩ සංවාදය හේතුවෙන් මෑතකදී අන්තර් ආයතන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් විය.
ඊට අමතරව, අනවශ්‍ය පියවර සහ කිහිප දෙනෙක් ලවා අත්සන් කරගැනීමට සිදුවීම හේතුවෙන් එකම දේ නැවත නැවත සිදු කිරීම හා ප්‍රමාදයන් සිදු වන ආකාරය හඳුනා ගැනීමට ද මෙහිදී හැකිවිය. එමඟින් ක්‍රියාවලිය විධිමත් වූ අතර දැනු මූලික නිෂ්කාශනයක් නිකුත් කිරීමට ගත වූ කාලය දින 45 සිට දින 25 දක්වා අඩු කිරීමට හැකි විය. ව්‍යාපෘති අනුමැතීන් සඳහා ගත් සාමාන්‍ය දින ගණන ඉදිරියේදී තවදුරටත් අඩු කිරීමට අපේක්‍ෂා කෙරේ.
මෙම සමූහන ක්‍රියාවලිය සඳහා SLTDA වෙත තාක්ෂණික සහාය සපයනු ලැබුවේ USAID හි ‘ශ්‍රී ලංකාවේ වේගවත් ආයෝඡනයට සහාය වීම (SAIL) සඳහා වූ ව්‍යාපෘතියේ ජාත්‍යන්තර ප්‍රවීණතාවයෙන් යුත් විශේෂඥ කණ්ඩායමකි. මේ සම්බන්ධව අදහස් දක්වමින් IDG අධ්‍යක්ෂ ප්‍රධානී ග්ලෙන් එෆ් ජේ මැකෙන්සි ෆ්‍රේසර් මහතා මෙසේ පැවසීය:
SLTDA ආයෝජක සබඳතා ඒකකයේ දැඩි කැපවීම දැන් මල්පල දරමින් සිටින අතර ආයෝජන ක්‍රියාවලිය විධිමත් හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් බවට පත් වෙනවා. මෙය ගෝලීය වශයෙන් සංචාරක ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම තැබීමේ තවත් පියවරක්. මෙම ගමනේදී SLTDA සමඟ හවුල් වීමට ලැබීම USAID-SAIL අපට මහත් සතුටක්.
2005 අංක 38 දරන සංචාරක පනතට අනුකූලව, SLTD හි ආයෝජක සබඳතා ඒකකය (IRU) පෞද්ගලික අංශය මඟින් සංචාරක ව්‍යාපාරය වෙත සිදු කරන කටයුතු නිශ්චිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව සහ රටේ පවත්නා රෙගුලාසි වලට අනුකූලව සිදු කරන බවට වග බලා ගනී. මෙය අනාගතයේ දී සංචාරක කර්මාන්තය අඩාල වීමට බලපාන අඩු ගුණාත්මක බවින් යුත් සංචාරක ආයතන සහ නීති විරෝධී සංචාරක ආයතන අඩු කිරීමට උපකාරී වේ.
"ආයෝජක සබඳතා ඒකකයේ (IRU) කටයුතු පිළිිබඳ අදහස් දක්වමින් SLTDA හි සභාපතිනි කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය,
මේ ජයග්‍රහණ SLTDA තනිවම ලබාගත්තු ඒවා නොවෙයි. එය සියළුම රාජ්‍ය ආයතන එක්ව ගත් උත්සාහයක්. මෙම ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන විසින් දෙනු ලබන සහයෝගය අතිමහත්. මෙම උත්සාහය සඳහා දායක වූ සියලුම ආයතන ප්‍රධානීන්ට සහ සියලුම රජයේ නිලධාරීන්ට SLTDA ස්තූති කරනවා.
ඉතා ඉක්මනින් සමස්ත ක්‍රියාවලියම ස්වයංක්‍රීය කර, ආයෝජකයාට අන්තර්ජාලය හරහා අයදුම්පත ඉදිරිපත් කිරීමට සහ අනුමැතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට පහසුකම ලැබෙනවා. මෙය ව්‍යාපෘති අනුමත කරන ආයතන සහ උපයෝගිතා ආයතන සම්බන්ධ කර ඇති ඒකාබද්ධ පද්ධතියක්” යැයි පැවසීය.
නිසි ගුණාත්මක ප්‍රමිතියකින් යුතුව සංචාරක ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා නිසි මඟ පෙන්වීම සහ සේවාවන් පිළිබඳව විශ්වාසදායක තොරතුරු ලබා ගැනීම සඳහා ආයෝජන සම්බන්ධතා ඒකකයේ (IRU) සහාය ලබා ගන්නා ලෙස සියළුම ආයෝජකයින්ට SLTDA ඇරයුම් කර සිටියි.