දේශීය හා ජාත්‍යන්තර සංචාරකයින්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නියම කර ඇති ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දී ඇති ආරක්‍ෂක ක්‍රමවේද නිසා මෙරට පවතින ආරක්ෂිත බව තහවුරු කරමි ලෝක සංචාරක කවුන්සිලය (WTTC) Safe Travels ඇගයුම පිරිනමන ලදී.
එය වසංගතය මධ්‍යයේ මෙරට සංචාරය කිරීමට උචිත ගමනාන්තයක් ලෙස සංචාරකයින් අතර විශ්වාසය තහවුරු කරන අතරම, WTTC හි ආරක්ෂිත සංචාරක ක්‍රමවේදයන්ට අනුකූලව ගෝලීයව සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක ක්‍රමවේදයන් නිසි ලෙස අනුගමනය කරන ව්‍යාපාර හඳුනා ගැනීමට ද ඉඩ සලසයි.
“කොවිඩ්-19 ට එරෙහි සටනේදී ලොව ඉහළම සාර්ථකත්ව අනුපාතයක් හිමි ශ්‍රී ලංකාවේ ආරක්ෂිතව සංචාරය කළ හැකි බව මින් පිළිඹිබු වෙනවා,” ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ සභාපතිනි කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය පවසයි. රටේ ප්‍රශංසනීය සෞඛ්‍ය සේවා පද්ධතිය සමඟ දැඩි ආරක්‍ෂිත ප්‍රමිතීන් පනවා ඇති අතර එමඟින් සංචාරකයින්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දිය හැකි සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ඇය තවදුරටත් අවධාරණය කරයි.”.
මෙරට සංචාරයක සියලු අංගයන් තුළම යුත් සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේද සකස් කර ඇති බවත් ඇය පැවසුවාය. කොවිඩ්-19 ප්‍රදේශ හුදෙකලා කිරීමෙන් පසු විදේශිකයන් සඳහා සංචාරක හා ආගන්තුක සත්කාර අංශයේ කටයුතු නැවත ආරම්භ කිරීම රටට ගොඩක් වැදගත් වෙනවා. WTTC මඟින් ශ්‍රී ලංකාව ආරක්ෂිත බවට සහතික කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කිරීම වෙනුවෙන් අපි සිනමන් හෝටල් සහ රිසෝර්ට්ස් වෙත අපගේ ස්තූතිය පුද කරනවා, ඇය පැවසීය.
WTTC හි Safe Travels සහතිය කොවිඩ්-19 හා ඒ හා සමාන වසංගත වලට එරෙහිව සටන් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පළමුවැන්නයි. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) විසින් පිළිගෙන ඇති මෙම සහතිකය සංචාරකයින්ට තම ආරක්ෂාව තහවුරු කරන අතරම ලොව පුරා විශ්වාසවන්තව සංචාරය කිරීමට ද ඉඩ සලසයි.
WTTC විසින් නිකුත් කරන ලද නව ගෝලීය ආරක්ෂිත සංචාරක ක්‍රමවේද මඟින් ආරක්‍ෂිත, බාධාවකින් තොර සහ විශ්වාසවන්ත වූ සංචාරක අනාගතයක් උදෙසා මිලියන ගණනක් වූ ජනතාවගේ ජීවනෝපායට උපකාර කරමින්, එමඟින් රටවල ආර්ථික වර්ධනය පවත්වා ගෙන යමින්, කොවිඩ්-19 රෝගය පහව ගිය පසු සංචාරක අංශය නැවත ආරම්භ කිරීමට, සහ ආර්ථික ප්‍රකෘතිය වේගවත් කිරීමට උපකාරී වනු ඇත. මූලිංක අංග හතරකින් යුත් මෙම ක්‍රමවේදයට මෙහෙයුම් හා කාර්ය මණ්ඩල සූදානම, ආරක්‍ෂිත අත්දැකීමක් සහතික කිරීම, විශ්වාසය නැවත ගොඩනැංවීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, සංචාරකයින් අතර විශ්වාසය තහවුරු කිරීම සහ සෞඛ්‍යය හා සනීපාරක්‍ෂාව සඳහා ස්ථාවර ප්‍රවේශයක් ආරම්භ කිරීම අඩංගුව තිබේ.
මේ සමග ඉන්දුනීසියාව, ඩුබායි, ටැන්සානියාව, පෘතුගාලය, මෙක්සිකානු කැරිබියන්, බාර්සිලෝනා, මැඩ්රිඩ්, සෙවිල්, තුර්කිය, බල්ගේරියාව, ජැමෙයිකාව, මොරිෂස්, ඔන්ටාරියෝ, සෞදි අරාබිය, රුවන්ඩාව ඇතුළුව Safe Travels ඇගයුම සහිත ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව ද එකතු වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම් අනුව SLTDA විසින් ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් මාර්ගෝපදේශන සංචාරකයින් අනවශ්‍ය ලෙස අපහසුතාවයන්ට පත් වීම වැළැක්වීම මෙන්ම, ශ්‍රී ලංකාව තුළ කොවිඩ් -19 පැතිර යාමේ අවදානම අවම කිරීම සඳහා ද සකස් කර ඇත.
WTTC මඟින් වලංගු කර ඇති, SLTDA විසින් පනවා ඇති කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂණ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම තක්සේරු කිරීමෙන් පසු පෞද්ගලික අංශයේ සියලුම සංචාරක හා ආගන්තුක සත්කාරයට අදාළ පාර්ශවකරුවන් සඳහා සහතික ලබා දීමට SLTDA මේ වන විට කටයුතු කරමින් සිටී. එමඟින් ව්‍යාපාරික ආයතන සඳහා වටිනාකම් එකතු කිරීමක් මෙන්ම කොවිඩ්-19 පහව ගිය ලෝකයක ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා විශ්වාසවන්ත සහතිකයක් වශයෙන් දෙගුණයක ප්‍රතිලාභයක් ලැබෙනු ඇත.