Chatbot Icon
...

සංචාරක පුවත්

විදේශ ආයෝජකයින්ට SLTDA විසින් ඉඩම් ලබා දීම වැළැක්වීම සඳහා ලංකා රියල්ටි ඉන්වෙස්ට්ස්මන්ට්ස් ආයතනය ගෙන ආ තහනම් නියෝගය දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

August 05, 2020

වාරණ නියෝග දෙකක් ඉල්ලා ලංකා රියල්ටි ලෙෂර් (LRL) ආයතනය විසින් SLTDA වෙත අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලදී. යාල සංචාරක කලාපයේ ඉඩම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කර ගැනීම, ඉඩමේ සංවර්ධන කටයුතු සිදු කිරීම සහ එම ඉඩම විදේශ ආයෝජකයෙකුට බදු දීම වැළැක්වීම සඳහා පළමු නියෝගය ලබා දුන්නේය. දෙවන වාරණ නියෝගය වූයේ LRL සමඟ කල්බදු ගිවිසුම අවසන් කිරීමේදී SLTDA විසින් නිශ්චිත ලියකියවිලි (P12, P13, P22) භාවිතය වැළැක්වීමයි.

පළමු නියෝගය එනම්, SLTDA සන්තකයේ තබා ගැනීම සහ නව ආයෝජකයෙකුට වෙන් කිරීම වැළැක්වීම සඳහා LRL විසින් කළ ආයාචානය කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

කල්බදු අවසන් කිරීමේ ක්‍රියාවලියේදී SLTDA විසින් අදාල ලියකියවිලි (P12, P13, P22) භාවිතය වළක්වාලමින් දෙවන ඉල්ලීම සඳහා අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම ලිපි වල ගිවිසුමේ නිශ්චිත වගන්ති දක්වා නොතිබූ බැවින් දෝෂ තිබුණි.

පළමු වාරණ නියෝගය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ SLTDA වෙත දැන් එම ඉඩම අත්පත් කර ගෙන සංවර්ධන කටයුතු කරගෙන යා හැකිය.

අධිකරණය 2018 අගෝස්තු 4 වෙනිදා ලබා දුන් නියෝගයේ සඳහන් කළේ ලංකා රියල්ටි ආයතනය 2018 අප්‍රේල් වන විට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අසමත් වූ අතර දැන් සාර්ථකව වාණිජ කටයුතු කරගෙන යන අනෙක් සියලුම බදුකරුවන් මෙන් කාලය දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම් කළ බවට අධිකරණය තෘප්තිමත් කිරීමට අපොහොසත් වූ බවයි.

ලංකා රියල් එස්ටේට්/ඇස්කොට් ආයතනය එය දක්වන අක්‍රීය බව හේතුවෙන් ඉවත් කරන බවත්, සහ එම ඉඩම ඇමරිකානු ඩොලර් මිලියන 15 ක විදේශ ආයෝජනයක් සඳහා ලබා දීමට රජය 2019 ජූලි මාසයේදී කැබිනට් තීරණයක් ගෙන ඇති බවත් අධිකරණ ක්‍රියාමාර්ගයේදී හෙළි විය. ලංකා රියල් එස්ටේට්/ඇස්කොට් සමාගම විදේශීය ආයෝජකයාට බාධා කරමින් ඉඩම අඛණ්ඩව අත්පත් කර ගෙන සිටියේය.

ගැටලුව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මෙම කතාවේ පසුබිම විමර්ශනය කිරීම වැදගත් ය. යාල පලටුපාන සංචාරක කලාපය තුළ පිහිටි අක්කර 7 ක ඉඩම පරිසර හිතකාමී ලෙස සංචාරක හෝටල් සංවර්ධනය කිරීම සඳහා 2014 දී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ආයෝජකයින් 6 දෙනෙකු සමඟ බදු ගිවිසුම්වලට එළඹුණි. එම ආයෝජකයන් ලෙස ඇස්කොට් (පසුව ලංකා රියල්ටි ලෙෂර් ලෙස නම් කරන ලදී) ඌගා රිසෝට්ස් සහ දිල්මා ඇතුළත් විය. ඌaගා රිසෝට්ස් සහ දිල්මා 2016 සහ 2017 දී පිළිවෙලින් වාණිජ කටයුතු ආරම්භ කළහ. ඇස්කොට් (LRL) හැර සෙසු සියල්ලන්ම සංවර්ධනය ආරම්භ කළහ.

ඇස්කොට්/LRL ඉඩමේ කිසිදු සංවර්ධනයක් සිදු නොවූ හෙයින්, කල්බදු කොන්දේසි උල්ලංඝනය කිරීම යටතේ කල්බදු ගිවිසුම අවසන් කිරීමට SLTDA මණ්ඩලය 2018 ජූලි 7 දින තීරණය කළේය.  

නැගෙනහිර අප්‍රිකාවේ සුඛෝපභෝගී සෆාරි නවාතැන්පොළවල් පවත්වාගෙන යන නව විදේශීය ආයෝජකයෙකු වන ‘වන් නේචර් හෝටල්’ සඳහා එම ඉඩම (D කොටස) වෙන් කිරීමට 2019 අගෝස්තු 6 දින කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් අතර එය එක් රැයකට ඩොලර් 3000 ක් වැනි ඉහළ මිලකට ලබා දෙනු ඇත.

2018 දී LRL කල්බදු ගිවිසුම අවසන් කිරීමට SLTDA මණ්ඩලයට මඟ පෑදුවේ බදු ගිවිසුමට අනුව ඔවුන් මුළුමනින්ම ක්‍රියාත්මක නොවීමයි. ගිවිසුමට අනුව 2018 අප්‍රේල් මාසය වන විට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට LRL අසමත් වූ බවත් අනෙක් සියලුම බදුකරුවන් මෙන් නොව කාලය දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම් කළ බවට අධිකරණය තෘප්තිමත් කිරීමට අපොහොසත් වූ බවත් අධිකරණය සිය නියෝගයෙන් හඳුනා ගති. . 

ගිවිසුමේ කොන්දේසි වලට අනුකූල වීමට LRL අසමත් වූ බවත්, විදේශ ආයෝජකයාට එම ඉඩම ලබා දුන් පසුව වසරකට ආසන්න කාලයක් සංවර්ධනය ආරම්භ කිරීමට බාධා පමුණුවා තිබූ බවත් SLTDA මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලය සඳහන් කර තිබිණි.

වත්මන් සභාපතිනිය තම සැමියාට අනිසි වාසියක් ලබා දීම සඳහා LRL සමාගමෙන් එම ඉඩම ඉවත් කර, වෙනත් ආයෝජකයෙකුට ලබා දීම නීති විරෝධී බව පැමිණිලි පාර්ශවය චෝදනා ‍කළේය. SLTDA සභාපතිනියට එරෙහි චෝදනා පදනම් විරහිත බව අධිකරණය විසින් හඳුනා ගත් අතර, ඇය 2019 දෙසැම්බර් 20 වන දින වැඩ භාර ගත් බවත්, LRL හි බදු කාලය අවසන් කර විදේශීය ආයෝජකයෙකුට (‘වන් නේචර්’ වෙත) ලබා දීමට ගත් සියලු පියවර අක්‍රිය බදුකරුගේ පැහැර හැරීම මත පදනම්ව, පෙර පැවති මණ්ඩල හා කැබිනට් තීරණයක් අනුව සිදුවූ බවත් අධිකරණය දක්වා සිටියේය.

SLTDA හි සභාපති කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ, “ඇස්කොට්/LRL සමාගමට කල්බද්දට ඉඩම ලබා දීම, අක්‍රීයතාවය මත කල්බද්ද අවලංගු කිරීම සහ විදේශීය ආයෝජකයෙකුට එම ඉඩම ලබා දීම වැනි සියලු තීරණ ගනු ලැබුවේ මම SLTDA හි වැඩ ආරම්භ කිරීමට පෙර යි. මෙම සියලු තීරණ ගනු ලැබුවේ පෙර පැවති මණ්ඩල සහ කැබිනට් මණ්ඩලය විසිනුයි. මම නොගත්, සහ ආපසු හැරවීමට බලයක් නැති තීරණ වෙනස් කරන ලෙස පවසමින්, මට පරිභව කිරීමට මගේ පවුල සහ දිල්මා ආයතනය මෙයට ඈඳා ගත්තා. උසාවියේ නඩු පැවරීමෙන් පසු, ඔවුන් ගොසිප් මාධ්‍ය හරහා ගොතන ලද හා ප්‍රචණ්ඩකාරී ආකාරයේ මඩ ප්‍රචාර ව්‍යාපාරයක් ආරම්භ කළා. එවැනි මෑතකදී පළ කළ ලිපියක ලියා තිබුණේ LRL ඉඩම හිටපු කැබිනට් මණ්ඩලය විසින් විදේශ ආයෝජකයෙකුට වෙන් කරමින් දිල්මා ආයතනයට නොමිලේ ලබා දුන් බවයි! 2014 දී දිල්මා ආයතනයට වගේම අනෙකුත් සියලුම ආයෝජකයින්ට මෙන් කල්බදු ලැබිලා තිබුණේ. අගෝස්තු 4 දා අධිකරණය තහවුරු කළ පරිදි, මේ සියළුම තීරණ අරගෙන තිබුණේ මගේ පත්වීමට පෙර යි. ”

කල්බදු ගිවිසුම අවසන් කිරීම සඳහා වූ ලියකියවිලි (P12, P13, P22) අනුව කටයුතු කිරීම අධිකරණය වැළැක්වීම නිසා SLTDA දැන් කටයුතු කරන්නේ නීතියෙන් මෙන්ම කල්බදු ගිවිසුම අනුවද, කල්බදු ගිවිසුම අවලංගු කරන ලද්දේ අක්‍රීයතාව මත පදනම්ව බව සලකායි.

අධිකාරිය ඉඩම් අත්පත් කර ගැනීම, කිසිදු සංවර්ධනයක් කිරීම හෝ එම දේපල පිළිබඳ තුන්වන පාර්ශවයක් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීම අධිකරණය විසින් තහනම් කර නොතිබීම විශේෂත්වයකි. ප්‍රමාද වූ විදේශ ආයෝජකයා සමඟ ඉදිරියට යාමට SLTDA හට මෙමඟින් අවසර ලැබේ.  

අධ්‍යක්ෂ මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණ ක්‍රියාත්මක කිරීමේදී එහි නියාමන අධිකාරිය වූ SLTDA නීත්‍යානුකූලව කටයුතු සිදු කරන විට සංචාරක කර්මාන්තයේ නියුතු පෞද්ගලික අංශයේ ආයතනයක් විසින් SLTDA අපකීර්තියට පත් කිරීමට උත්සාහ කිරීම අතිශයින් කණගාටුදායක ය. රාජ්‍ය ආයතනයකට සහ එහි නිලධාරින්ට මඩ ගසා තම අඩුපාඩු වලින් අවධානය වෙනතකට යොමු කිරීමට ලංකා රියල්ටි ලිසර් සමාගම ගත් උත්සාහය ඛේදජනක ය.