ආසියාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කරවීම සඳහා පර්යේෂණ සැලසුමක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ ඕස්ට්‍රේලියාවේ වෙළඳ සංවර්ධන ඒකකය (MDF) අත්වැල් බැඳගෙන ඇත. මෙමඟින් විදේශිකයන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමටත්, රාජ්‍ය හා පෞද්ගලික අංශවලට සාක්ෂි පදනම් කරගත් තීරණ ගැනීමට සහ සංචාරක ව්‍යාපාරයේ ආයෝජනය කිරීමටත් මඟ සලසා දෙනු ඇත. SLTDA දත්ත රැස් කිරීමේ ප්‍රයත්නයේ ඵලදායීතාවය සහ එහි භාවිතය තක්සේරු කිරීම සඳහා ගැඹුරු විශ්ලේෂණයක් සිදු කළ පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාවේ සංචාරක උපාය මාර්ගික සැලැස්මෙහි සඳහන් ඉලක්කයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ උපායමාර්ගික දිශානතිය වැඩිදියුණු කිරීම සඳහා වඩා හොඳ තත්ත්වයේ දත්ත සහ පර්යේෂණ අවශ්‍ය බව SLTDA හඳුනා ගති.
“ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ඉහළම මට්ටමේ සංචාරක ගමනාන්තයක් බවට පත් කරගන්න විවිධාකාර සංචාරකයින්, සංචාරක සේවා සහ නිෂ්පාදන හඳුනා ගැනීම SLTDA හි අරමුණයි,” ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය. “සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත දත්ත එකතු කිරීම, විශ්ලේෂණය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීමේ මූලික ආයතනය වශයෙන් අපගේ අරමුණ වන්නේ නව ආයෝජන, සංවර්ධන කටයුතු සහ ප්‍රතිපත්ති සැකසීම සඳහා ඇති අවස්ථා හඳුනා ගැනීම සඳහා SLTDA හි පර්යේෂණ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා මෙම සැලැස්ම භාවිතා කිරීමයි.”
ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රමුඛතම පෞද්ගලික අංශ සංවර්ධන වැඩසටහන වන MDF විසින් සපයනු ලබන සහයෝගය තුළින් ජාත්‍යන්තර උපදේශක ආයතනයක් වර්තමාන පර්යේෂණ රාමු සහ භාවිතයන් පරීක්‍ෂා කිරීමට සහ අඩු ලුහුඬුතා විශ්ලේෂණය කිරීමට SLTDA සමඟ සමීපව කටයුතු කරනු ඇත. මේ මත පදනම්ව සංචාරක දත්ත එකතු කිරීම, විශ්ලේෂණය සහ භාවිතය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ පස් අවුරුදු සැලැස්මක් සකස් කෙරේ. ගෝලීය වශයෙන් ප්‍රමුඛ පෙළේ රටවල් විසින් සම්මත කරන ලද ප්‍රමිතීන්ට අනුව ඉදිරි පස් වසර තුළ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කළ යුතු පියවර මාලාවක් මෙම සැලැස්ම මඟින් හඳුනා ගැනේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට පුළුල් සහයෝගයක් සපයන ඕස්ට්‍රේලියානු රජය ඔවුන්ගේ අරමුදලින් ක්‍රියාත්මක වන MDF හරහා මේ හා අත්වැල් බැඳගන්නා අතර Swisscontact හි හවුල්කාරීත්වය ලබා දීමත්, Palladium ආයතනය මඟින් ක්‍රියාත්මක කිරීමත් කරනු ලැබේ. අතීතයේදී ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ සංචාරක පර්යේෂණ (TRA) ආයතනය සමඟ SLTDA කාර්ය මණ්ඩලය සඳහා අධ්‍යයන චාරිකාවක් සපයමින් පර්යේෂණ හැකියාවන් ඉහළ නැංවීම සඳහා SLTDA වෙත සහයෝගය ලබා දුන්නේය.
“දත්ත හා පර්යේෂණ උපයෝගී කර ගැනීමෙන්, සාක්‍ෂි මත පදනම් වූ ප්‍රවර්ධන සහ ආයෝජන තීරණ ගත හැකි වෙනවා. එවිට ආයෝජන හා අලෙවිකරණ ප්‍රතිලාභවල ප්‍රගතිය මැනීමට හැකි වීමෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශවලට වැඩි වටිනාකමක් ලැබෙනවා, MDF හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මොමිනා සකීබ් පවසයි.
පස් අවුරුදු පර්යේෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමත් සමඟ, දත්ත පදනම් කරගත්, දැනුවත් බවින් යුත් තීරණ ගැනීමේ හැකියාව ලැබේ. එමඟින් ශ්‍රී ලංකා සංචාරක අධිකාරියට සහ සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවන්ට සම්පත් හා ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභ ලැබෙන අතර ඉලක්කගත අලෙවිකරණයට අවස්ථාව සැලසෙනු ඇත. තවදුරටත් මෙම පියවර මඟින් ජාතික සංචාරක සංවිධානයට (NTO) සහ ගෝලීය සංචාරක කර්මාන්තයේ නව තත්වයන්ට ඵලදායීව අනුවර්තනය වීමට කර්මාන්ත පාර්ශවකරුවන්ගේ සහය අපේක්ෂා කෙරේ.